අලුත් දෙයක් අලුත් විදියට නිර්මාණය කර ජය ලබමු.( වයස අවු 12-20 අතර ඔබටයි මේ)



යාලුවේ කොහොමද ඔයාලාට...............මම හිතනවා ඔයාලා හොදින් ඇති කියලා.ඉතින් මම අද කියන්න යන්නේ ඔයාලාගේ දක්ෂතා පෙන්නලා ඔයාගේ ජිවිතේ කීර්තිමත් කරගනන අපේ රටටත් කිර්තියක් ගෙන එන්න පුලුවන් වැඩක් ගෙන මේක අපේ ලංකා තියෙන හොද තරගයක් ඉතින් මොකක්ද? බලමු මේ තරගේ කියලා ......

හ්ම් ... ඉතින් මේක තමයි

 ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය මගින් පවත් වන වසරේ කණිෂ්ඨ නිර්මාණකරු තේරිමේ තරගය ( JIY ) 

ඉතින් මේකට ගැණු පිරිමි බෙදයක් නෑ.අවු 12-20 අතර සිටින ඔබටයි මේ ත
ඟය විවෘත වෙලා තියෙන්නේ...






JIY  Committee

Eng. J Meegoda 
Eng. S A P C Siriwardane
Eng. B S Samarasiri
Eng.  Madhawa  Perera
Eng. D M Punchibanda
Eng. L G Samarawickrema
Eng. H N Gunasekera
Eng. D. D. L Wijethunga
Eng. L C Prasanna
Eng. Subodha Ranaweera
Eng. Dayan Herath
Eng. E M C P Edirisinghe
Eng. T N  Rathnasinghe
Eng. K S M R  Sanjeewa
Eng. C R  Edirimuni
Eng. D.G.H.Gallage
Ms. Ilhavanchi Kanaganayagam


ඔයාලා කරන්න ඔනේ මොනවා හරි අලුත් දෙයක් කරලා මේ මෙකට ඉදිරිපත් වෙන එක තමයි..
(ඒ කියනේ නව නිපැයුමක් හෝ නව නිර්මාණයක්)


මොකක්ද? මේ  නව නිපැයුමක් හෝ නව නිර්මාණයක් කියනනේ......


මේ ගෙන සම්පුර්ණ විස්තරයක් ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනයේ නිල වෙබ් අඩවිය මහින් ගත හැක.
මෙහි ඇත්තේ .PDF ගොනුවක් බැවින් මෙය බැලිම සදහා Adobe readerයන මෘදුකාංගය අවශ්‍ය වේ.



හරි ඔයාලා PDF එකේ තියෙන විස්තර කියවලා බලන්න.එතකොට ඔයාලට මේ තරගය ගෙන වැටහෙන්න ගනි..


කොහොමද මේ තරගෙට අපි සම්බන්ද වන්නේ..


මේ තරගේ පවත් වන්නේ කොහොමද ?

  • මෙක මෙහෙමයි කරන්නේ ඔයාලා යවන අයදුම්පත සමග ඔයාගේ නව නිර්මාණය ගෙන කෙටි විස්තරයක් යවන්න ඕනේ එක  ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනයේ තරගය පවත්වන අය බලලා.ඔයාව ඉස්සරලාම පලාත් මට්මෙහි තරග වලට ඉදිපත් කරනවා ඒ කියන්නේ ඔයා නුවරින් ඉදිරිපත් වන තරග කරුවෙක් කියලා. එත කොට මධ්‍යම පළාතේ මේ තරගයට අයදුම් කර කට්ටියත් එක්ක තමයි.පොඩි තරගක් තියෙන්නේ... හදිස්සියෙවත් මෙම වටයෙන් ඉවත් වෙන්න උනොත් ඔයාට වටිනා සහතික පත්‍රයක් හිමිවෙනවා .
  • ඒකෙන් ඔයාව තෙරුනොත් ඔයාව ඉදිරිපත් කරනවා ශ්‍රි ලංකාවේ හොදම් නව නිර්මාණ 50 හේ තරගයට.මේක කරන්නේ මේ තරගයට ඉදිරිපත් වු හැම පළාතෙම අය එක්කර එක තරයක් තියෙනවා. ඉතින් මේකෙනුත් හොදම 25 දෙනා තොරනවා ඉතින් හොදම 25 දෙනාට තේරෙනවා කියන්නේ ඔයා  Real  තරග කරුවෙක්..හදිස්සියෙවත් මෙම වටයෙන් ඉවත් වෙන්න උනොත් ඔයාට වටිනා සහතික පත්‍රයක් හිමිවෙනවා. ඉතින් මේ සහතිකේ ඔයාගේ අනාගතයට හුගක් වටිනවා ඔය රස්සාවකට එහෙම යන කොට....
  • හරි ඉතින් අනිත් 25 පස් දෙනාටත් සහතික සුවර්....තව වාසි ‍රැසකුත් ලැබෙනවා මොනද මේ වාසි. ඔයාලා දන්නවානේ ලංකාවේ TECHNO කියලා ලොකු Exhibition එකක් තියෙනවා BMICH එකේ ඉතින් ඔයාට මේකට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබෙනවා.ඉතින් ඔයාලාටම කියලා මේකේ නිර්මාණ කුටියක් තියෙනවා ඔය TECHNO  Exhibition  එක බලන්න ගිය කට්ටිය දන්නවා ඇතිනේ.
  • කොහොමද කට්ටිය TV එකේ එහෙම ඉන්න කොට ආ........
  • ඒ විතරකද ඔයාලා මේ   TECHNO Exhibition එකේ ඉන්න කොට එක බලන්න එනවා ඔය ලොකු ලොකු කොම්පැනි වල අයිති කරුවන්  ඒ කට්ටියට හදිස්සියේවත් ඔයාගේ නිර්මාණය හිතට ඇල්ලුවොත් සමහර විට ඔයාට කියායි පුතා ඔයා කැමති නම්  අපි මේ නව නිපැයුම  නිෂ්පාදනය කරලා වෙලද පොලට දාමු කියලා කිව්වොත් නම් මල්ල  කරේ ඉතින් ගොඩ  ආ................
  • ඉතින් ඔය 25දෙනා  TECHNO Exhibition  එකේදි. JIY විනිශ්චය අය විවිධ මාතෘකා යටතේ බෙදලා  හොදම තුන් දෙනා දෙනා තොරනවා මෙන්න මේ විදියට....
උදා-

ශක්තිය ඉතිරි කරන උපකරණ   -1 , 2 , 3
කාර්යක්ෂමතාව වැඩි කරන උපකරණ  -1 , 2 , 3

ඔන්න ඔය විදියට  එක එක මාතෘකා 7 යටතේ  වෙන්කර සහතියපත්‍ර පදකම් සහ  මුදල් තේයාහ  ලබා දෙනවා.

තරග කරුවන් අතරින් තොරාගන්නා 5 දෙනෙකුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසාන වෙනතෙක්  ශිෂ්‍යත්ව පිරිනැමේ..තවද තරග කරුවන් 10 දෙනකුට මොර‍ටුව විශ්ව විද්‍යාලයෙදි තාක්ෂණික පුහුණුවක් ලබා දෙනු ඇත..
  1. පලවෙනියාට වසරේ කණිෂ්ඨ නිර්මාණකරු ගරු නාමය, මුදලින් රුපියල් 15 000 ක් සහ රන් පදක්කමක් වටිනා සහතිකපත්‍රය.                                                                                           
  2. දෙවෙනියාට  මුදලින් රුපියල් 12 500 ක් සහ රිදි පදක්කමක් සහා වටිනා සහතිකපත්‍රය.
  3. තුන්වෙනියාට  මුදලින් රුපියල් 10 000 ක් සහ ලොකඩ පදක්කමක් සහා වටිනා සහතිකපත්‍රය.
  • ඉට පස්සේ  ඔය TECHNO Exhibition   එක යන අතරේ හොදම 10 දෙනෙක් තොරාගන්නවා..ඒ 10 දෙයනයි National Science Foundation  ආයතනයෙන් පවත්වන  තරගෙයන්  10 දෙනයි එකතු කරලා අයේ 20 දෙනෙක් ගේ ලොකු තරගයක් තියෙනවා.හැබැයි මෙක ටිකක් දරුනුයි මොකද මෙතනට එන්නේ ඔක්කොම හොදම අයනේ...
  • ඔන්න ඔතන තමයි වැඩේ ඔකෙන් හොදම 3න් දෙනෙක් තොරලා එයාලාව ගුවන් ගත කරනවා.කොහෙටද දන්නවාද යන්නේ USA .

  • ඉතින් මෙක තමයි ඔයාලාට ජිවිතේටම ලැබෙන හොදම අවස්ථාව කිවත් වැරදි නැ .මොකද මෙකදි තියෙන්නේ ඔයාගේ රට නියොජනය කරලා ඒ කියන්නේ අපේ ශ්‍රි ලංකාව නියොජනය කරලා රටවල් 50 ලමයි 1600 එක්ක තරග කරන්න .මේ තරගෙට කියන්නේ Intel ISEF කියලා මේක ඇමරිකාවේ තියෙන ලොකු නව නිර්මාණ තරගයක් මෙක ගෙන ඔයාලාට වැඩි  විස්තර මේ කට්ටියෙගේ වෙබ් එකෙන් ගන්න පුලුවන්. එම වෙබ් අඩවියට මෙතනින් යන්න..
  • මේක තියෙන්නේ මැයි මාසේ ඒ කියන්නේ ඔයා 2012 JIY තරගයට සහාභාගි වෙලා රට යන්නට තෙරුනොත්  ඔයා 2013 Intel ISEF තරගයට තමා යන්නේ.
  • මේ තරයත් ලොකේ හැම තැනිම්ම කට්ටිය එනවා ඔයාලාගේ නිර්මාණ බලන්න .ඒ අය සමහර විට ඔයාගේ නිර්මාණය ගෙන පැහැදිලා ඔයාට උදව් කරාවි...
  • අනික තමයි මෙම තරගය තරගයකට පමනක් සීමා උන එකක් නෙවේ.ඔයාලාගේ විනොදයටත් එක එක තැන් වල එක්කන් යනවා.අනික මෙම ගුවන් ගත විම සදහා ඔබ කිසිදු මුදලක් වැය කරන්න ඕනේ නැ.මෙම ආයතන වලින් එම  සියලු වියදම් දරනු ඇත ඔබට තියෙන්නේ හොදින් තරග වදින්න පමණි...

යාලුවෙනේ අත හරින්න එපා මේ චාන්ස් එක.හොදට උනන්දු වෙලා තරගයට මුහුණ දුන්නොත්  බැරි වෙන එකක් නැ ඔයාටත්>>>
  • මෙකෙන් ජයග්‍රහනය කරන්නටත් අපේ ලංකාවේ 2009-2010 ගිය යාලුවෝ දෙනෙට්ට හැකි වුනා ඒ අය ගෙන පහල දාන්නම්.




2009, Chandula Padmasiri student of Ananda Vidyalaya, Colombo 10,

invented the Mobile phone based microscope won the 3rd place grand award under the Electrical & Mechanical engineering category in the International Science & Engineering Fair (Intel ISEF), 2009 USA








2010, Ganindu Nanayakkara, student of Ananda Vidyalaya, Colombo 10,

invented the wireless computer device for handicapped people won the 1st place grand award under Computer Science category in the International Science & Engineering Fair (Intel ISEF), held in USA




2011, Aruna Prasad student of  Vidyartha College, Kandy

invented the Drill Press With Laser Cone Centering Device

Electrical & Mechanical engineering category in the International Science & Engineering Fair (Intel ISEF), 2011 Los Angeles, USA.








2011,Thimira Sanuka, student of Ananda Vidyalaya, Colombo 10,

invented the Live Multifunctional LPT Controlling Software

Computer Science category in the International Science & Engineering Fair (Intel ISEF),2011 held in
Los Angeles, USA.








ඉතින්  ඔයාලා දැක්කානේ මෙතෙක් රට ගිය අය. මම ඔයාලාට අපි ගිය තරගේ පොඩි විඩියෝ එකක් පහල දාන්නම් ඒකත් බලන්න කෝ කොහොමද කියලා..




ඉතින් මම හිතනවා ඔයාලාට මේ ලිපියෙන් තරගය ගෙන හොද අවබොධයක් ලැබෙන්න ඇති කියලා.ඉතින් ඔයාලාට JIY තරගය ගෙන වැඩි දුර තොරතුරු දැන ගැනිමට පහත බැනරයේ ඇති දුරකතන අංකයෙන් ලබා ගත හැක..


දැනට ලංකාවේ පැවැත්වන වෙනත් නව නිර්මාණ තරග වල තොරතුරු සහ අයදුම් පත්‍ර
 



ඉතින් මම ඔයාලාගෙන් පොඩි ඉල්ලිමක් කරනවා මෙම නව නිර්මාණ තරගය ගෙන ඔයාලාගේ හිත මිත්‍රයන් සහ ඔයාලාගේ පාසලේ ළමයි දැනුවුත් කරන ලෙස මොකද හැමොටම අන්තර්ජාල පහසු කම නැති හින්දා...

එහෙනම් අද ලිපිය මෙතනින් ඉවරයි ඔයාට මේ ලිපිය ප්‍රයොජනක් උනානම් අදහසක් පලකරන්න අමතක කරන්න එපා..

4 යි.. ප්‍රතිචාර:

{ chathura } at: April 20, 2012 at 11:15 PM said... Reply To This Comment

හොද වැඩක් .....

Anonymous at: May 11, 2012 at 10:27 AM said... Reply To This Comment

දැනුවත් කලාට ස්තුයි..

Anonymous at: May 11, 2012 at 10:28 AM said... Reply To This Comment

මමත් බලන්න ඕනි ට්‍රයි කරලා

Anonymous at: December 5, 2012 at 9:45 AM said... Reply To This Comment

Awesome...!!!

සිංහලෙන් අදහස් දැක්විම සදහා යුනිකොඩ් පරිවර්තකය බාවිතා කරන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න.

අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....