tag:blogger.com,1999:blog-6482489915805818021.post1457733050298270134..comments2024-03-10T06:58:25.281+05:30Comments on *~SinhalaPedia~*: අට විසි බුදු රජුන් ද ? චාල්ස් ඩාවින් ද ?Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6482489915805818021.post-8421902470343913332015-05-02T18:32:38.206+05:302015-05-02T18:32:38.206+05:30Good one....... මේක මටත් තිබ්බ ප්‍රශ්නයක්. නමුත් මේ...Good one....... මේක මටත් තිබ්බ ප්‍රශ්නයක්. නමුත් මේ ප්රශ්නය මා ඉදිරිපත් කළ අවස්ථා වල අාගමෙහි අැති ඕනෑම දෙයක් අවිවාදාත්මකව පිළිගන්නා අපේ රටේ අාගම්වාදීන්ගෙන් මට උරුම වූයේ ගල් මුල් ප්‍රහාර පමණි. පරිණාමවාදය හෝ අට විසි බුදුවරු අතරින් කවුරුන් නිවැරදි වුවද කම් නැත. අවශ්‍ය වන්නේ අාගම් තුළ අැති ඕනෑම දෙයකට සාධුකාර දෙන මිනිසුන් නොව සෑම නවීන සොයාගැනීමක් තුළින්ම ඉදිරියට එන කරුණු සමඟ නිරන්තරයෙන් තම විස්වාසය තර්ක කරමින් සත්‍යය සෙවීමේ පිපාසාවෙන් පෙළෙන මිනිස් ප්‍රජාවකි. නැත්නම් අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ පුද්ගලයෙකු හෝ පිරිසක් කී දෙයක් අල්ලාගෙන මිත්‍යාවන් පසුපස යන මිනිස් ප්‍රජාවක් තුළින් බලාපොරොත්තු විය හැක්කේ දිනෙන් ඉදිරියට යන ලෝකයක් නොව නැවතත් පිටුපසට යන ලෝකයක් පමණි ........ එකක් නම් ෂුවර්ය. එනම් හෙට අනිද්දා වන විට කවුරුන් හෝ චීවර ධාරියෙකු විසින් බුදුරජාණන් වහන්සේ කීවේ එසේ නොවේ මෙසේ යයි පවසා අට විසි බුදුවරු ගැන නවතම බුද්ධ දේශනයක් සොයා ගැනීමට නියමිත බවය........ (පෝස්ටුවට අනුව බුදු දහම ගැන මෙහි සඳහන් කළද සෑම අාගමකටම , අාගම්වාදියෙකුටම මෙය පොදුය )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6482489915805818021.post-87652548960137754192013-11-13T12:48:04.586+05:302013-11-13T12:48:04.586+05:30බුදුන් වහන්සේගේ ධර්මයේ තියනවා බුදුන් වහන්සේ කෙනෙකු...බුදුන් වහන්සේගේ ධර්මයේ තියනවා බුදුන් වහන්සේ කෙනෙකුට හැර සිතා නිම කරන්න බැරි කරනා 4ක්

01 ලෝක විෂය
02 සත්ව විෂය
03 බුදුන් වහන්සේගේ ඍද්ධ් විෂය
04 කර්ම විෂය

ඔය කාරණාවත් අයිති වෙන්නේ ලෝක විෂයට.
බටහිර විද්ද්යාවෙන් විශ්වයේ උපත මානවයාගේ පරිණාමය වැනි දේවල් ගැන නොයෙක් පරීක්ෂණ සිදුකලත් බුදුන් වහන්සේ තමන්ගේ ලෝකවිදූ ඥානයෙන් ඒ සම දෙයක්ම අවබෝද කර ගත්තේ මීට වසර 2500 කට කලින්.

අපිරිමිත කරුණාවෙන් සියලු ලෝක සත්වයන්ට තමන්ගේ ජීවිතය සැපවත් කර ගැනීමට, සියලු කෙලෙස් නසා අරහත් බාවයට පැමිණීමට ධර්මය දේශනා කලේ කිසිම අඩුපාඩුවක් නැතිව.

බුදුන් වහන්සේ දේශනා කර තිබේනම් ලෝක විෂය ගැන සෙවීමෙන් පලක් ඇත කියා... උන්වහන්සේ අනිවාර්යෙන් ඒ ගැන සදහන් කරනවා ඇත.

බෞතික සාදක මත ගොඩ නැගී ඇති නුතන විද්‍යාව බුදුදහම හා සැසදීම කිසිවිටෙකත් සුදුසු නොවේ. මන්ද බුදුදහමෙන් කියවෙන්නේ ලෝකයේ යතා ස්වාබාවයයි... එය බෞතික විද්‍යාවෙන් ඔප්පු කල හෝ නොකලා කියා එම නියමයන් වෙනස් නොවේ... චාල්ස් ඩාවින් යනු නුතන විද්‍යාවේ ප්‍රථමික අවදියේ සිටි විදඥයෙකි. ඔහුගේ දැනුමින් ප්‍රකාශ කල දේකුත් සහ බුදු කෙනෙකුගේ ලෝකවිදූ දැනුමෙන් ප්‍රකාශ කල දේකුත් සැසදීම පලක් ඇති දෙයක් යයි මම සිතන්නේ නැත. (බුද්ධ දේශනාවන් කියව බලන්න. මහා බ්‍රහ්මයා කියන සාදකයටත් පිළිතුරක් ලැබෙනු ඇත.)

නමුත් ඒ දේවල් ගැන අවබෝදයට වඩා චතුර් ආර්ය සත්‍යය අවබෝදයට උත්සහ ගැනීම උතුම් වේ.Darshana pubuduhttps://www.blogger.com/profile/07913017341286746492noreply@blogger.comtag:blogger.com,1999:blog-6482489915805818021.post-51237543058163668382013-10-09T22:43:29.659+05:302013-10-09T22:43:29.659+05:30{ Chanaka Munasinghe } @ අදහස් දැක්විම ගෙන ගොඩක් ස...{ Chanaka Munasinghe } @ අදහස් දැක්විම ගෙන ගොඩක් ස්තුතියි...

හරි යාලුවා ඔයාගේ කථාව ඇත්ත.මම කියන්නේ බටහිර වාදින්ගේ ප්‍රවාද තමයි වැරදි කියලා.එක ගෙන ඔබ මොකද කීයන්නේ....?
fast.arunahttps://www.blogger.com/profile/07195475417769338942noreply@blogger.comtag:blogger.com,1999:blog-6482489915805818021.post-72888702903666813812013-10-08T01:08:55.751+05:302013-10-08T01:08:55.751+05:30තව දෙයක් තමයි කල්පයක් කියන එක අවුරුදු ගාණ ඉලක්කමින...තව දෙයක් තමයි කල්පයක් කියන එක අවුරුදු ගාණ ඉලක්කමින් කියන්න බැරි තරම් දිගයිලු. කල්පයක් කොච්චර දිගද කියන එක පෙන්නල තියෙන්නෙ උපමා වලින්. එක උපමාවක් තියෙනවා දිග, පළල සහ උස යොදුන බැගින් වූ (යොදුනක් කියන්නෙ හැතැම්ම 16ක් විතර ) කලු ගල් පර්වතයක් තුනී සේද රෙද්දකින් අවුරුදු 100කට එක වතාව ගානෙ පිරිමඳිනවා. එහෙම දිගටම කරගෙන යද්දි කවද හරි දවසක පර්වතය ගෙවිල යනව. ඒත් කල්පයකට තියෙන අවුරුදු ගාණ්නම් ගෙවිල යන්නෙ නැහැලු.

දැනට නිරීක්ෂණය කරල තියෙන විශ්වයේ අනුමාන කරන වයස අවුරුදු බිලියන 13 ක් විතර ඇතිලු ( http://en.wikipedia.org/wiki/Age_of_the_universe). ඒ දැනට තියෙන තාක්ෂණයෙන් නිරීක්ෂණය කරල තියෙන විශ්වය විතරයි. එතනින් එහා තියෙන දේව්ල වලින් නිකුත් වෙච්ච ආලෝකය තවම පෘතුවියට එන්න ප්‍රමාණවත් තරම් කාලයක් ගත වෙල නෑ.(http://en.wikipedia.org/wiki/Observable_universe)

අවුරුදු බිලියන 13ක් කියන්නෙත් අති විශාල කාලයක්. අපි අවට තියෙන දේවල් අවුරුදු 5කදි 10කදි වෙනස්වෙන විදිහ හිතල බැලුවම අවුරුදු බිලියන 13කදි කොච්චර දේවල් වෙන්න පුලුවන්ද ?

වැදගත්ම දේ ඒක නෙවෙයි. කල්පයක් කියන එක අතිවිශාල කාලයක්. හැබැයි ඒ අතිවිශාල කාලයෙන් පස්සෙත් අනිවාර්යයෙන් බුදුවරයෙක් වෙනවා කියල නියමයක් නෑ. කොටින්ම කිවුවොත් හැම කල්පෙකදිම බුදුවරු පහළ වෙන්නෙ නෑ. පාරමිතා සම්පූර්ණ කරපු බෝධිසත්වවරයෙක් හිටියොත් විතරයි බුදුවරයෙක් පහළ වෙන්නෙ. පහුගිය කල්ප 100කටම පහළ වෙලා තියෙන්නෙ බුදුවරු 7 නමයි. එයින් 4 නමක් පහළ වෙලා තියෙන්නෙ වර්තමාන මහා කල්පයේ අන්තඃ කල්ප වලදි. මේ මහ කල්පයේදීම තව එක බුදුවරයෙක් පහළ වෙන්න නියමිතලු. එකම කල්පයක් තුළ බුදුවරු 5 නමක්ම පහළ වෙන ඉතාම දුර්ලභ කල්පයක් නිසා මේ මහා කල්පය භද්‍ර කල්පයක් කියල කියනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෙක් විදිහට පාරමිතා පුරපු කාලය ගැන පෙන්නන මේ සටහන බැලුවොත් පෙනෙයි සමහර බුදුවරයෙක් පහළ නොවී ගතවන කල්ප ලක්ෂ ගාණක් තියෙන බව http://www.aathaapi.net/Charts/Paramitha-_Ver_4.jpg.

ඉතින් වැදගත්ම දේ තමයි බුදුවරයෙක් පහළ වෙලා තියෙන කාලෙක ඒ ධර්මය අහන්න ලැබිච්ච කාලෙක ඒ ධර්මය අවබෝධ කර ගැනීම.

කල්පයකට තියෙන අවුරුදු ගාණ , ඇත්තටම බුදුවරු අනන්ත සංඛ්‍යාවක් හිටියද ? බුදුවරයෙක් පහළ වෙන්නෙ අන්තඃකල්පයක මැදදිද කියන ඒවා අපි කොච්චර හිතුවත් ඒ දෙවල් ඇත්තද බොරුද කියන එක අපිට යන්තමින්වත් හිතා ගන්න බෑ. ඒ දේවල් ගැන හිතන්න උත්සාහ කරන්නත් එපා බුද්ධ විෂයය, ලෝක විෂයය වගේ දෙවල් අචින්ත්‍යයි ( හිතල තර්ක කරල අවබෝධ කර ගන්න බෑ) කියල ධර්මයේ සඳහන්.

ඒත් චතුරාර්ය සත්‍යය එහෙම නෙවෙයි. ඒක ඇත්තද බොරුද කියන එක අපිට හිතල තර්ක කරල යම් තරමකට හරි අවබෝධ කර ගන්න පුලුවන් අපේ මේ ජීවිත කාලෙ අපි ලබපු අත්දැකීම් එක්ක සන්සන්දනය කරලා. ඉපදීම, ලෙඩවීම, අප්‍රිය අය සමඟ එක්වීම, ප්‍රිය අයගෙන් වෙන්වීම වගේ දේවල් අපි හැමෝම අත්දැකල තියෙනවා.

You lost only the things you cling to - ඔබට අහිමි වන්නේ ඔබ බැඳීමක් ඇති කරගන්න දේවල් පමණි.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-6482489915805818021.post-44629640842739672512013-10-07T19:58:51.751+05:302013-10-07T19:58:51.751+05:30බුදුවරු සහ ලෝකය ගැන මම අහල තියෙන කරුණු කීපයක් කියන...බුදුවරු සහ ලෝකය ගැන මම අහල තියෙන කරුණු කීපයක් කියන්නම්

1. මේ දක්වා පහළ වෙලා තියෙන්නෙ බුදුවරු 28 නමක් විතරයි නෙවෙයි. අනන්ත අප්‍රමාණ බුදුවරු පහළ වෙලා හිටපු බව කියනවා. අටවිසි පිරිතේ සඳහන් වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට අනියත විවරණ දුන් බුදුරජාණන් වහන්සේල 3 නමක් ගැනත් නියත විවරණ දුන්න බුදුරජාණන් වහන්සේලා 24 නමක් ගැනත් පමණයි

ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෙක් විදිහට පාරමිතා සම්පූර්ණ කරන කාලයේ පමණක් බුදුවරු 512,027 නමක් දුටු බව සඳහන්. ඒ බොධිසත්ව කාලයේ පමණයි, ඊට කලිනුත් අනන්ත අප්‍රමාණ බුදුවරු වැඩ ඉඳල තියෙනවලු.

ගෞතම බුදුරජණන් වහන්සේ බෝධිසත්වයෙක් විදිහට පෙරුම් පුරපු කාලය ගැන මේ රූප සටහන බලන්න. පැහැදිලි අඩුනම් download කරගෙන zoom කරල බලන්න. http://www.aathaapi.net/Charts/Paramitha-_Ver_4.jpg

අතීත බුදුවරු ගැන විස්තර තියෙන තැන මම හිතන්නෙ ඛුද්දක නිකායේ බුද්ධවංශ පාලිය

2. බුදුවරු එක් නමකට පසුව තව නමක් විදිහට නොකඩවා පහළ වෙන්නෙ නෑ. බුදු කෙනෙක් පහළ වෙන්නෙ මහා කල්පයක එන සංවත්ත ස්ථායී කල්පයක එන අන්තඃ කල්පයක මැද කොටසේදි. දැනට පවතින සංවත්ත ස්ථායී කල්පයේ අන්තඃකල්ප 4 කදී බුදුවරු පහළ වෙලා තියෙනවා. ඉදිරියට එන අන්තඃකල්පයක මැදදි මෛත්‍රී බුදු හාමුදුරුවො පහළ වෙයි. කල්ප ගැන මේ රූප සටහන බලන්න. මේ තියෙන මහා කල්ප විස්තරය මහා පිපුරුම් න්‍යායට යම් තරමකට ගැලපෙනවා කියලයි මට හිතෙන්නෙ http://www.aathaapi.net/Charts/Kalpa_Vibaga-Ver_6.jpg

3. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මිනිසා පරිහානියට පත් වෙලා හෝමෝ ඉරෙක්ටස් වගේ අඩු ආයුෂ අඩු බුද්ධිය ඇති අය බවට පත් වෙලා ආයෙම දියුණු වෙලා ආයුෂ අවුරුදු 80000ක් දක්වා වෙන කාලයේදී තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වෙන්නෙ කියල සඳහන්.

ඒක නොවිය හැක්කකුත් නෙවෙයි. ලෝක ජනගහණය දෙගුණ වෙන්න ගත වෙන කාලය ටික ටික අඩු වෙනවා. සංඛ්‍යාත්මක විස්තර මෙතනින් බලන්නhttp://en.wikipedia.org/wiki/Population_growth. ඒත් ලෝකෙ තියෙන සම්පත් සීමිතයි. තියෙන සම්පත් වල මිලත් එන්න එන්නම වැඩි වෙනවා. පොසිල ඉන්ධන තව අවුරුදු 50ක විතර කාලෙකදි එහෙම පිටින්ම ඉවර වෙනව කියල කියනවා. ඒ කාලය ඇතුලත ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් බලශක්ති ප්‍රභවයක් හොයා ගන්න බැරි වුණොත් මොකද වෙන්නෙ. අද වාහන, යන්ත්‍ර, පරිගණක එක්ක තියෙන දියුණුවට මොකද වෙන්නෙ ?

4. ලෝකයේ ආරම්භය, බුදුවරු ගැන වගේ දේවල් ගැන හොයනවට වඩා වැදගත් වෙන්නෙ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට මහන්සි වීමලු. අපි ඉස්කෝලෙ යන කාලෙ විභාග වලට උත්තර ලියන්න චතුරාර්ය සත්‍යය කටපාඩම් කළා. ඒත් කටපාඩම් කිරීමෙන් එහාට දෙයක් ඒ කාලෙ මමනම් හිතුවෙ නෑ. ඒත් ජීවිතේ ටික ටික ගත වෙද්දි , ළමා කාලෙ ඉවර වෙලා ලෝකෙ ජීවත් වෙන එකේ ඇත්ත අමාරුව තේරෙන මේ කාලෙට එද්දි මගෙ ජීවිතේ ප්‍රායෝගික අත්දැකීම් එක්ක චතුරාර්ය සත්‍ය ගැන හිතනකොට ඒක ඇත්ත බව ටික ටික හිතෙනවා. ඉපදීම, වයස ගෙවීම, ලෙඩවීම, මරණය, ප්‍රිය පුද්ගලයන්ගෙන් හා වස්තූන්ගෙන් වෙන්වීම , අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් සමඟ එක්වීම, කැමති දේ නොලැබීම දුකක්ලු. තමන්ගෙ ජීවිතේ අත්දැකීම් එක්ක කල්පනා කරල බලන්න මේ දුක් වලින් කීයකට අපිට මුහුණ දෙන්න වුණාද ? ඒවා අත්තටම දුකද ? ඒ කියපු දේවල් හැර වෙන දුක් දේවල් තියෙනවද ? කියලා.

5.ත්‍රිපිටකය සිංහල තේරුම් සහිතව කියවන්න කැමති අයට මෙතනින් ගන්න පුලුවන් http://www.aathaapi.org/index.phpChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-6482489915805818021.post-56972905788470452552013-10-07T09:48:31.625+05:302013-10-07T09:48:31.625+05:30@lucky_master
මිත්‍රයා.. කල්ප විනාශයකට පසුවයි බුද...@lucky_master

මිත්‍රයා.. කල්ප විනාශයකට පසුවයි බුදු කෙනෙකු පහල වන්නේ කියා අපට හරි හැටි කියන්න අමාරුයි.එත් බුදු වරයෙකු දේශනා කල ධර්ම සත්‍ය ලොව පවතින තුරු තවත් බුදු කෙනෙකු මෙළොව උපත නොලබන බව නම් ඇත්තක් .

මා සිතන හැටියට නම් රාගය,මානය,තෘස්නාවෙන් නැමති කෙලෙස් ධර්මයන්ගෙන් පිරිහීයන අනාගත මිනිසුන්ගේ ඇති වෙන යුධ ගැටුම් හෙතුවෙන් යම් කිසි විනාශයක් විමට පුලුවන්.එහෙත් කල්ප විනාශයක් වෙනවා කියා කියන්න අමාරුයි.

මෛත්‍රි බුදු හිමියන් පසුව නම් කල්ප විනාශයක් විය හැකිය කියා සිතන්න පුලුවන්..fast.arunahttps://www.blogger.com/profile/07195475417769338942noreply@blogger.comtag:blogger.com,1999:blog-6482489915805818021.post-50318408188087856782013-10-07T09:36:40.232+05:302013-10-07T09:36:40.232+05:30@Sameera Chinthaka
යාලුවා තණ්හංකර බුදු පියාණන් උ...@Sameera Chinthaka

යාලුවා තණ්හංකර බුදු පියාණන් උපන්නේ මීට වසර 280 000 කට කලින් කියාලා කියන්න පුලුවන්

(මන්ද එක දිගට බුදු පියාණන් වහන්සේලා උපත ලබයි නම් එය ඔහුන්ගේ ජිවිත කාලයත් සමග ගණනය කලවිට වසර මිලියන 2.8 පමණ විය හැකිය.එහෙත් වර්තමානයේ අප අදහන බුදු පියාණන් වන ගෞතම බුදු රජුන් පිරිනිවන් පා දැනට වසර බොහෝ ප්‍රමාණයක් ගත වෙලත් ජීවමාන වන බුදු කෙනෙකු තවමත් පහළවී නොමැති බැවින් අපට නිගමනය කල හැක්කේ එක දිගට (නොකඩවා) බුදු පියාණන් වහන්සේලා උප්පත්තියන් නොලබන බවයි.)

fast.arunahttps://www.blogger.com/profile/07195475417769338942noreply@blogger.comtag:blogger.com,1999:blog-6482489915805818021.post-39462869926889033252013-10-04T18:14:52.947+05:302013-10-04T18:14:52.947+05:30වටිනා ලිපියක් මිත්‍රයා..මටත් ඔය ප්‍රශ්නයම ආවා මීට ...වටිනා ලිපියක් මිත්‍රයා..මටත් ඔය ප්‍රශ්නයම ආවා මීට පෙර...මම හිතුවේ කල්ප විනාශයකට පසුවයි බුදු කෙනෙකු පහල වන්නේ කියා...ඒ කියන්නේ ලෝකය කල්ප 28ක් පරණයි...lucky_masterhttps://www.blogger.com/profile/05781462543024145705noreply@blogger.comtag:blogger.com,1999:blog-6482489915805818021.post-43167289001473748722013-10-03T19:34:49.553+05:302013-10-03T19:34:49.553+05:30just try to define and understand the word BUDDHA,...just try to define and understand the word BUDDHA, then u'll get all the answers..

Sudnoreply@blogger.comtag:blogger.com,1999:blog-6482489915805818021.post-4256081757957372992013-10-03T18:05:44.981+05:302013-10-03T18:05:44.981+05:30තණ්හංකර බුදු පියාණන් උපන්නේ මීට වසර 280 000 කට කලි...තණ්හංකර බුදු පියාණන් උපන්නේ මීට වසර 280 000 කට කලින් කියල කියන්න බැ නේද..?Anonymoushttps://www.blogger.com/profile/01855810917294188674noreply@blogger.com